Tuesday, December 16, 2014

තේරුම් ගැනිමේ මට්ටම් තුනක්.

ක්‍රිෂ්ණමූර්තිගේ දැක්ම තේරුම් ගැනීම මට්ටම් තුනකින් සිදුවේ.

පලමු මට්ටම - මනංකල්පිත මට්ටම.

මෙහිදී කෙනෙක් තමාගේ අත්දැකීම් හා තර්කය යොදා ගනිමින්, හා මනංකල්පිතයන් යොදාගෙන, ක්‍රිෂ්ණමූර්ති කියන දේ තේරුම් ගන්නේ, ඔහුගේ 'අත්දැකීම්' ක්‍රිෂ්ණමූර්තිගේ 'අත්දැකිම්' හා සම නොවන බැවිනි.

දෙවැනි මට්ටම - සම අත්දැකීම් මට්ටම.

ක්‍රිෂ්ණමූර්ති ඔහුගේ මෙම 'අත්දැකීම් මට්ටමේ' කරුණු පැහැදිලි කිරීමේදි, ඔහු සිතේ 'බෙදුනු බාවය'  ගැන කථා කරයි. එනම් මේ බෙදුනු ස්වභාවය වනුයේ 'සිතන්නා' හා 'සිතිවිල්ලයි'. මෙයයි ඔහුගේ අත්දැකිම හා මෙයින් ඇතිවන ප්‍රතිපලය වනුයේ අනාරක්ෂිත බව, බිය හා දුක, ආදියයි. මේ ලෙස ඇතිවන අත්දැකීම, සියල්ලන්ටම පොදු අත්දැකීමක් නොවන අතර, නමුත් යමෙකුට මෙවන් අත්දැකීම් ඇතිවේද, එමෙන්න ඒ පුද්ගලයා එවැනි අත්දැකීම ගැන පැහැදිලි විස්තර කිරිමක් බලාපොරොත්තු වේද, ඔහුට ක්‍රිෂ්ණමුර්තිගේ විස්තර කිරීම් වහා වැටහෙන අතර, "ඔව් මේ තමා ඇත්ත, මේ විස්තර කිරීම තමා මා මෙතෙක් කල් සෙවූයේ" යයි ඔහුට පසක් වේ.
 
තුන්වැනි මට්ටම - සාධනීය මට්ටම.

තුන්වැනියට, ක්‍රිෂ්ණමූර්ති මේ ප්‍රශ්ණයට වූ විසදුම ගැන කථා කරයි. මේ විසදුමට යමෙක් ලඟා වන්නේ යම් ක්‍රියා පිලිවෙලක් අනුගමනය කර නොවේ. එනම් මේ 'විසදුම' මාර්ගයකින් තොරවූ එකකි. විසදුම ඉබේ ඇතිවන තත්ත්වයකි. යමේකුට අඩුමට්ටමෙන් 'විසදුම්' ස්වල්පයක් හෝ ලැබිනි නම්, ඔහුගේ මෙම 'බෙදුනු ස්වභාවය'ට, එවිට ඔහු ක්‍රිෂ්ණමූර්තිව සම්පූර්ණයෙන් තේරුම් ගනි.

 < පෙර                                                    පලමු                                              පසු >

Saturday, December 6, 2014

ක්‍රිෂ්ණමූර්ති දැකුම තේරුම් ගැනීම.

 

ක්‍රිෂ්ණමූර්ති දර්ශනය හදාරමින් විවිධ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිවලින් තොරතුරු රැසක් හා ක්‍රිෂ්ණමූර්ති කථා කල දේ ද, රැස්කල මුත්, ඒ ගැන වූ අවබෝධයක් සිතේ පහල නොවීය. 

 

මේ නොවැම්බර් මස 10 දින ඒ අවබෝධය පහල විය. මා සිටියේ භාවනා මධ්‍යස්ථානයකයි. එහිදි ක්‍රිෂ්ණමූර්ති දැක්ම ගැන දැනුමක් ඇති හිමි නමක් මට හමු විනි. එම ස්වාමින් වහන්සේ මා ගෙන් ප්‍රශ්ණයක් ඇසූහ. "ඇයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් ක්‍රිෂ්ණමූර්ති දහම වැලඳ ගත්තේ?"

බෞද්ධයෙක් ලෙස ඉපැද, එය ඉතා ආශ්වාදයකින් අනුගමනය කරමින්, බෞද්ධ පාසැල් කිහිපයක්ම අරම්භ කරමින්ද, බෞද්ධ සංවිධාන කිහිපයක්ද පටන් ගත් ඔහු ඒවායේ ප්‍රධානියා ලෙසද කටයුතු කලේය. වයස අවුරුදු 35 දී ක්‍රිෂ්ණමූර්තිගේ පොතක් කියවීමෙන් අනතුරුව, මේ සියලුම බෞද්ධ සංවිධන වලින් අස්වූයේ, තමා තවදුරටත් ත්‍රිපිටකය අදහන බෞද්ධයෙක් නොවන නිසා, එම තනතුරු වල තව දුරටත් රැදී සිටිය නොහැකි බව කියමිනි.      

මේ හිමි නමගේ ප්‍රශ්ණය සිතේ ඇතිව රාත්‍රියේ ඇඳට වන් මා හට, අවබෝධ වූයේ මේ අදිකාරම් පාලි භාෂා විශාරදයෙක් පමණක් නොව, ධම්මපදය ද ඉංග්‍රීසියට පර්වර්ථනය කල අතර තවත් බෞද්ධ ඉතිහාසය ගැනද පොතක් ලියූ ඔහුට ක්‍රිෂ්ණමූර්තිගේ පොත කියවීමේදී, "මෙය තමා සත්ත්යය" යැයි යමක් ඔහුගේ මනසට වැටහුනු බවයි.

පරිනාමවාදයේ වර්තමාන සිද්ධාන්තය සොයා ගත් චාර්ල්සි ඩාවින් , පරිනාමයට අදාල විශාල දත්ත රැසක් රැස් කර, සුදුසු සිද්ධාන්තයක් ගොඩ නැගීමට නො හැකිව, ඒ දත්ත ගැන හිතමින් අවුරුදු කිපයක් ගිය තැන, ඒ අවශ්‍ය සිද්ධාන්තය හදිසියේ ඇතිවන ආලෝක දහරාවක් මෙන් ඔහුට පසක් වූවාක් මෙන්, අදිකාරම් මෙසේ වෙනස් වූයේ ඇයි දැයි මා හට අවබෝධයක් ඇති වූයේ, ක්‍රිෂ්ණමූර්ති දැක්ම ගැන අවබෝධාත්මක ක්ෂණික ආලෝක දහරාවක් සිතේ ඇති කරමිනුයි. මට ක්‍රිෂ්ණමූර්ති දැකුම අවබෝධ වෙන්නට පටන් ගැනිනි. 


(මෙම බ්ලොගය  Understanding Jiddu Krisnamurti නමැති ඉග්‍රීසි බ්ලොගයේ පරිවර්තනයයි).