ක්‍රිෂ්ණමූර්ති දර්ශනය හදාරමින් විවිධ අන්තර්ජාල සමාජ වෙබ් අඩවිවලින් තොරතුරු රැසක් හා ක්‍රිෂ්ණමූර්ති කථා කල දේ ද, රැස්කල මුත්, ඒ ගැන වූ අවබෝධයක් සිතේ පහල නොවීය.
මේ නොවැම්බර් මස 10 දින ඒ අවබෝධය පහල විය. මා සිටියේ භාවනා මධ්‍යස්ථානයකයි. එහිදි ක්‍රිෂ්ණමූර්ති දැක්ම ගැන දැනුමක් ඇති හිමි නමක් මට හමු විනි. එම ස්වාමින් වහන්සේ මා ගෙන් ප්‍රශ්ණයක් ඇසූහ. "ඇයි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම් ක්‍රිෂ්ණමූර්ති දහම වැලඳ ගත්තේ?"
බෞද්ධයෙක් ලෙස ඉපැද, එය ඉතා ආශ්වාදයකින් අනුගමනය කරමින්, බෞද්ධ පාසැල් කිහිපයක්ම අරම්භ කරමින්ද, බෞද්ධ සංවිධාන කිහිපයක්ද පටන් ගත් ඔහු ඒවායේ ප්‍රධානියා ලෙසද කටයුතු කලේය. වයස අවුරුදු 35 දී ක්‍රිෂ්ණමූර්තිගේ පොතක් කියවීමෙන් අනතුරුව, මේ සියලුම බෞද්ධ සංවිධන වලින් අස්වූයේ, තමා තවදුරටත් ත්‍රිපිටකය අදහන බෞද්ධයෙක් නොවන නිසා, එම තනතුරු වල තව දුරටත් රැදී සිටිය නොහැකි බව කියමිනි.
මේ හිමි නමගේ ප්‍රශ්ණය සිතේ ඇතිව රාත්‍රියේ ඇඳට වන් මා හට, අවබෝධ වූයේ මේ අදිකාරම් පාලි භාෂා විශාරදයෙක් පමණක් නොව, ධම්මපදය ද ඉංග්‍රීසියට පර්වර්ථනය කල අතර තවත් බෞද්ධ ඉතිහාසය ගැනද පොතක් ලියූ ඔහුට ක්‍රිෂ්ණමූර්තිගේ පොත කියවීමේදී, "මෙය තමා සත්ත්‍යය" යැයි යමක් ඔහුගේ මනසට වැටහුනු බවයි.
පරිනාමවාදයේ වර්තමාන සිද්ධාන්තය සොයා ගත් චාර්ල්සි ඩාවින් , පරිනාමයට අදාල විශාල දත්ත රැසක් රැස් කර, සුදුසු සිද්ධාන්තයක් ගොඩ නැගීමට නො හැකිව, ඒ දත්ත ගැන හිතමින් අවුරුදු කිපයක් ගිය තැන, ඒ අවශ්‍ය සිද්ධාන්තය හදිසියේ ඇතිවන ආලෝක දහරාවක් මෙන් ඔහුට පසක් වූවාක් මෙන්, අදිකාරම් මෙසේ වෙනස් වූයේ ඇයි දැයි මා හට අවබෝධයක් ඇති වූයේ, ක්‍රිෂ්ණමූර්ති දැක්ම ගැන අවබෝධාත්මක ක්ෂණික ආලෝක දහරාවක් සිතේ ඇති කරමිනුයි. මට ක්‍රිෂ්ණමූර්ති දැකුම අවබෝධ වෙන්නට පටන් ගැනිනි.
(මෙම බ්ලොගය Understanding Jiddu Krisnamurti නමැති ඉග්‍රීසි බ්ලොගයේ පරිවර්තනයයි).

ක්‍රිෂ්ණමූර්ති කථා කරන දැකුම ආලෝක දහරාවක් ඇතුලු වූවාක් මෙන් මට අවබෝධ වන්නට පටන් ගත් නමුත් එයින් මා අදිකාරම් මෙන් ක්‍රිෂ්ණමූර්ති දැක්ම අදහන්නෙක් බවට පත්වූයේ නැත. මා තව දුරටත් වඩාත් හොඳ බෞද්ධයෙක් වීම පමණි ඉන් වුනේ.
ReplyDelete